පෝල් ලැසාස්ෆෙල්ඩ්
සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය සදහා
මුල් අවධියේදී සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කළ විද්වතුන් අතර විශේෂ ස්ථානයයක් පෝල් ලැසාස්ෆෙල්ඩ්ට හිමි වෙයි. ඔස්ට්‍රියාවේ
වියානා නුවර ඉපදී හැදී වැඩුණු මොහු ගණිතඥයෙකු සේම සමාජ මනෝ විද්‍යාඥයෙක් ද වෙයි.
වියානා විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සහ ආචාර්ය උපාධිය ද ලබා ගත් මොහු
ඇමරිකාවේ නිව්යෝක්හි සුප්‍රකට කොලොම්බියා සරසවියෙහි සමාජ ශාස්ත්‍ර පිළිබඳ මහාචාර්යවරකු
ලෙස වසර 30කට අධික කාලයක් කටයුතු කරන ලදි. මෙම කාල පරාසය තුළ ඔහු සන්නිවේදන ක්ෂේත්‍රයට
ඉමහත් සේවයක් ඉටු කළේය. සිය සමකාලීන විද්වතුන් වූ කාල් හවුලන්ඩ්, හැරල්ඩ් ලැස්වෙල් හා විල්බර් ශ්‍රාම් ආදීන් සමඟ
මොහු ඉතා සමීපව කටයුතු කර තිබේ. සමාජ ශාස්ත්‍ර විෂයක් ලෙස සන්නිවේදනය ඇමරිකාවේ පමණක්
නොව ලෝකයේ සෙසු රටවලට ද ව්‍යාප්ත කරවීමට පුරෝගාමී මෙහෙවරක් ලැසාස්ෆෙල්ඩ් විසින්
සිදු කර තිබීමයි.
ඇමරිකාවේ සමාජ විද්‍යාව හා සන්නිවේදනය පිලිබද
සංවර්ධනය සම්බන්ධ වැදගත් ආයතනයක් වන "ආර්ථික මනෝ විද්‍යාව පිලිබද පර්යේෂණ
ආයතනය" 1925 දී වියානා නුවර පිහිටුවන මොහු ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් පසු
1936 දී එම පර්යේෂණ මධ්‍යස්ථානය නෙවාක් සරසවියෙහි ආරම්භ කරන ලදි. ඉන් පසුව 1937 දී
ප්‍රින්ටන් විශ්ව විද්‍යාලයේ රෙඩියෝ පර්යේෂණ පිලිබද කාර්යාලයේ අධ්‍යක්ෂක වරයා බවටද
පත් විය. 1939 දී එය කොලොම්බියා විශ්ව විද්‍යාලයෙහි ආරම්භ කරන ලදි. ලැසාස්ෆෙල්ඩ්ගේ
මෙම පර්යේෂණ මධ්‍යස්ථානය තවත් බොහෝ පර්යේෂණ ආයතන පිහිටුවීමට රුකුලක් විය.
විශේෂයෙන්ම 1947 දී ඉලිනෝයි සරසවියෙහි ද 1953 දී ස්ටැන්ෆර්ඩ් සරසවියෙහි ද
සන්නිවේදන පර්යේෂණ ආයතන විල්බර් ශ්‍රාම් විසින් පිහිටුවීමේ දී උක්ත දක්වන ලද
ලැසාස්ෆෙල්ඩ්ගේ පර්යේෂණ ආයතන ආදර්ශයට ගෙන ඒ අනුව පිහිටුවන ලද ඒවා විය.
ලැසාස්ෆෙල්ඩ්ගේ මෙම පර්යේෂණ ආයතනය යුරෝපයේ ප්‍රථම වරට එබදු ආකෘතියකින් පිහිටුවන
ලද ආයතනය විය. එය ලෝකයේ මාධ්‍ය ග්‍රාහක පරීක්ෂණ පිළිබඳ ප්‍රථම වරට සිදු කරන ලද පර්යේෂණය වන
"වියෙනා ගුවන් විදුලිය පිළිබඳ ග්‍රාහක
පර්යේෂණය" සිදු කරන ලදි.
ලැසාස්ෆෙල්ඩ්ට රොකෆෙලර් පදනම මඟින් පිරිනමන ලද
අධිශිෂ්‍යත්වයක් මත ඇමරිකාවට සංක්‍රමණය වීමට අවස්ථාව සැලසුන අතර එය ඔහුට ලැබුණු
අසාමාන්‍ය අවස්ථාවක් ලෙස සඳහන් වේ. හේතුව ඔහු වියේනා විශ්ව විද්‍යාලයෙහි දී අවශ්‍යය
වෘතීය සුදුසුකම් සපුරා තිබුන ද ඔහුට යෝග්‍ය ස්ථානය ලබා දීමට මහාචාර්යය කාල්
බුහ්ලර්ට අපහසු විය. මන්දයත් ඔහු යුදෙවු ජාතිකයකු වීම නිසාය. එමනිසා ඔහු අධිශිෂ්‍යත්වය
සඳහා නම් කරන ලද බව සදහන්වේ. කෙසේ නමුත් ඇමරිකාවේ ඔහු ගත කාලය ඔහුගේ ජීවිතයේ ඉතා
සුවිශේෂී කාල පරිච්ඡේදයක් විය. එහි දී ඔහුට සැමුවෙල් ඒ.ස්ටවුනර්, රොබට් එස් හා ලින්ඩ් බදූ ප්‍රමුඛ ඇමරිකානු විද්වතුන්
මෙන්ම රොබට් ලින්ච් සමඟ පැවති ආශ්‍රය ඔහුට ඉතා වැදගත් විය. ලැස්ෆෙල්ඩ් ඇමරිකාවේ
ගතකල කාලයේ ඔහුගේ බිරිද වූ මාරි ජහෝඩා ආර්ථික මනෝ විද්‍යාව පිලිබද පර්යේෂණ ආයතනයක්
පවත්වාගෙන යන අතරතුර එවකට ඔස්ට්‍රියාවේ පැවති සමාජවාදී ආණ්ඩුව මගින් ඇය අත්තඩංගුවට
ගන්නා ලදි. එසේම ලැසාස්ෆෙල්ඩ්ට හිමිව තිබූ ගුරු වෘතිය ද ඔහුට අහිමි විය. ඇමරිකාවේ
සිට ආපසු පැමිණන ලැසාස්ෆෙල්ඩ්ට ඔස්ට්‍රියාවේ පැවති දේශපාලනික තත්ත්වය තුළ එහි වාසය
කිරීමට අපහසු වූ බැවින් පෙරලා ඇමරිකාවට සංක්‍රමනය වන අතර එහි දී ලින්ඩ් ඔහුට
ඇමරිකාව තුළ යම් ස්ථාවර බවක් ගොඩ නගා ගැනීමට උපකාර කරයි.
ලැසාස්ෆෙල්ඩ් සන්නිවේදන ක්ෂේත්‍රයට ක්‍රියාකාරීව
එක්වන්නේ 1930 දශකයේ මැද භාගයේදී ය. එහිදී ඔහු ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ
කරයි. එම කාල වකවානුව වන විට ගුවන් විදුලිය ආරම්භ වී විශාල ලෙස ජනප්‍රියව පැවති
යුගයකි. එම නිසාවෙන්ම ඒ පිළිබඳ කරන අධ්‍යයනයන්
විශාල පරිශ්‍රමයකින් යුතුව කළ යුතු විය. රොකෆෙලර් පදනම මඟින් 1937 දී ගුවන්
විදුලියේ ස්වභාවය හා එහි සමාජීය බලපෑම පිළිබඳ
පුලුල් ගවේෂණයක් කිරීමට හඩ්ලි
කැන්ට්‍රිල්ට භාර දෙයි. ඒ සදහා අවශ්‍යය ප්‍රතිපාදන රොකෆෙලර් පදනම මඟින් සපයා දෙනු
ලැබීය. ලැසාස්ෆෙල්ඩ්ට මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ අධ්‍යයක්ෂක තනතුර හිමි විය. කැන්ට්‍රිල්
සහ පසු කාලයේ කොලොම්බියා ගුවන් විදුලි සේවයේ අධ්‍යයක්ෂක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ
ෆ්‍රෑන්ක් ස්ටැන්මග් යන දෙදෙනා ලැසාස්ෆෙල්ඩ්ගේ ආශ්‍රිත අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විය.
ලැසාස්ෆෙල්ඩ්ගේ ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියේ මුල් අවුරුදු දෙකම වැය කරන ලද්දේ
ගුවන්විදුලි පර්යේෂණ සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේද සංවර්ධනය කිරීම සඳහාය. ඒ වන විට
ගුවන්විදුලි පර්යේෂණ ක්ෂේත්‍රයේ පූර්වාදර්ශ නොමැති වීම නිසා ඔහුට ස්ව අභිමතය පරිදි
කටයුතු මෙහෙය වීමට අවථාව ලැබිණි. 1937 වසරේ දී ගුවන් විදුලි වැඩසටහන් හා ශ්‍රාවකයන්
පිළිබඳ පැවැත්වූ විස්තීරණම අධ්‍යයනය
ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබීය.
·
ශ්‍රාවක පිරිස පිළිබඳ එවක සැපයුණු
සියලු දත්ත ද්විතීය විග්‍රහයකට බඳුන් කිරීම.
·
ගුවන් විදුලි වැඩ සටහන් සම්බන්ධ අන්තර්ගත අධ්‍යයනයක් පැවැත්වීම.
·
ගුවන් විදුලි වැඩසටහන් කෙරෙහි වූ ශ්‍රාවක කැමැත්ත මැනීමට ලැසාස්ෆෙල්ඩ්
සහ ස්ටැන්මග් විසින් උපකරණ නිපදවීම
ආදී කටයුතු මෙහි දී සිදු වුණු බව සදහන් වේ.
ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම පර්යේෂණ මාලාව නිසා සන්නිවේදන පර්යේෂණ
පිළිබඳ ලොව පුරා පෙර නොවූ විරූ උද්යෝගයක්
ඇති වූ ආකාරයක් දැක ගත හැකි විය. සන්නිවේදන සමාජ විද්‍යාව යන නව විෂය ක්ෂේත්‍රයක් ද
ඇති වීම තුළින් මෙම පර්යේෂණ සාර්ථක ඒවා බව තහවුරු වේ.
පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතයේදී ගුවන් විදුලිය
බලපාන්නේ කෙසේද? ගුවන් විදුලි භාවිතය හා සන්තුෂ්ටිය පිළිබඳ කරුණු මුලින්ම විග්‍රහාත්මකව විස්තීරණ පරාසයක්
කරා අවධානය විහිදුවාලමින් විධිමත් ලෙස අධ්‍යයනයක් සිදු කරනු ලබූවේ ලැසාස්ෆෙල්ඩ් ප්‍රමුඛ
පිරිස බව සදහන් කළ හැකිය.ගුවන් විදුලි නාට්‍ය ශ්‍රාවකයන් ගැන හර්සෝග් විසින් සිදුකළ
අධ්‍යයනයත් 1938 දී ධ්ර්සන් වෙල්ස් විසින් නිපදවා ප්‍රචාරයට පත් කල "ජගත්
යුද්ධය" යන නාට්‍යයට ලැබුනු ප්‍රතිචාර විමසුමට බදුන් කළ අධ්‍යයනය හා තියොඩර්
අඩෝර්ෆේ විසින් මෙම ව්‍යාපෘතිය යටතේම ජනප්‍රිය සංගීතය සහ සම්භාව්‍යය සංගීතය පිළිබඳ ශ්‍රාවක රුචි අරුචිකම් සොයා බලන ලදි. එමෙන්ම
මෙම ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියෙහි දී ලබාගත් ප්‍රතිපල ග්‍රන්ථ 04 ක් සහ පර්යේෂණ
ලිපි 70කට අධික සංඛ්‍යාවක් මඟින් ප්‍රකාශයට පත් විය. මාෂල් විසින් මෙම පදනමට මූල්‍ය
අනුග්‍රහය මෙතෙක් කාලයක් ලබා දුන් අතර නමුත් ලැසාස්ෆෙල්ඩ් ව්‍යාපෘතියට අදාළ
සවිස්තර සැලසුම අනුව ක්‍රියාකරනු වෙනුවට තමාට ප්‍රියවූ දිශානති කෙරෙහි යොමු වූ අධ්‍යයන
මාර්ග ඔස්සේ පර්යේෂණ සිදු කරන බව මාර්ෂල් දැනගත්තේය. එවිට ඔහු වහා ලැසාස්ෆෙල්ඩ්ට
දන්වා සිටියේ මෙතෙක් කරන ලද අධ්‍යයන පිළිබඳ පූර්ණ වාර්ථාවක් තමා වෙත ලබා දෙන ලෙසය. ඒ සදහා
ඔහුට මාස 05ක කාලයක් ලබා දෙන ලදි. ලැසාස්ෆෙල්ඩ් එය මැනවින් ඉටු කළේය. ඔහු “Radio and the printed page: An
Introduction to the study of radio and its role in the communication of
ideas" නමින්
පිටු 354 ක වාර්ථාවක් මාර්ෂල් වෙත ඉදිරිපත් කරන ලදි. එය අධ්‍යයනය කිරීමෙන් සතුටට
පත් මාර්ෂල් තවත් වසර 02ක් සඳහා මුල්‍ය අනුග්‍රහය දැක්වීමට එකඟ විය.එසේම සන්නිවේදන ක්ෂේත්‍රයෙහි සුප්‍රකට
විද්වතුන්ගෙන් සමන්විත සන්නිවේදන සම්මන්ත්‍රණයක් ආරම්භ කළ අතර වාර්ෂිකව රැස් වන
මෙම විද්වතුන්ගේ කාර්යය වූයේ ව්‍යාපෘතියෙහි කටයුතු සමාලෝචනය හා සන්නිවේදන පර්යේෂණ
වැඩි දියුණුව සඳහා අවශ්‍යය තීරණ ගැනීමයි.
මීට අමතරව ලැසාස්ෆෙල්ඩ් විසින්ම ගුවන් විදුලි
ශ්‍රවණය සහ කියවීම පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්ද
සිදු කරන ලදි. ජනමත විමසුම සඳහා යොදා ගත් ක්‍රමවේද ඉතා පුලුල්ව ගුවන් විදුලි
වැඩසටහනකට අවධානය යොමු කළ ශ්‍රාවක පිරිස කොපමණ ප්‍රමාණයක්ද යන්න තීරණය කිරීම සඳහා
සහ ගුවන් විදුලි වැඩසටහනකට සවන් දුන් මුළු ශ්‍රාවක පිරිස කොපමණ ද යන්න තීරණය
කිරීමට ද යොදාගනිමින් සමීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ජනප්‍රිය කරවීමට ලැසාස්ෆෙල්ඩ්
පුරෝගාමීව කටයුතු කරන ලදි. ඔහුගේ පර්යේෂණ බොහෝමයක් අද ද ඉතා වැදගත්කමක් දරයි. ශ්‍රාවකයින්
ගුවන් විදුලියට සවන් දෙන්නේ මූලික ලෙසම තමන්ගේ පෞද්ගලික අභිරුචිය නිසා බව ඔහු
විසින් පෙන්වා දෙන ලදි.
ලැසාස්ෆෙල්ඩ් මූලික ලෙසම ක්‍රමවේද සකසන්නෙකු
මිස සන්නිවේදන විද්‍යාඥයෙකු නොවේ. නමුත් ජනසන්නිවේදන පර්යේෂණ ක්ෂේත්‍රයෙහි සමාරම්භයෙහිලා
ඔහු ඒ සදහා දැක්වූ දායකත්වය අතිවිශාලය. ඔහුගේ සමාජීය පර්යේෂණ චර්යාව ඔහු විසින්
පහත ආකාරයට ආකෘති ගත කොට තිබේ.
·
කවර සංසිද්ධියක්, ප්‍රස්තුතයක් වුව විෂය මූලික නිරීක්ෂණ අන්තරාවලෝකනීය වාර්ථා අනුව මැනිය
යුතුය.
·
ප්‍රත්‍යෙක අධ්‍යයන සංඛ්‍යානමය දත්ත හා
විඥාපන සමඟ සංයෝග කළ යුතුය.
·
දත්ත ඒකරාශී කරනය අධ්‍යයනය කරණු ලබන ප්‍රස්තුතයෙහි
ඉතිහාසයට අදාළ තොරතුරු සමඟ සංයෝග කළ යුතුය.
·
සුවිශද මිනුම් ක්‍රම මගින් සපයා ගැනෙන
දත්ත , ප්‍රශ්නාවලී හා වෙනත් ස්වයං වාර්ථාකෘත දත්ත සමඟ
සංයෝග කළ යුතුය.
ජනමාධ්‍යයේ බලපෑම පිළිබඳ පර්යේෂණ කාර්යයක් ලෙස සැලකෙන "එරී
කවුන්ට්" අධ්‍යයනය 1940 දී ලැසාස්ෆෙල්ඩ් විසින් මෙහෙයවන ලද්දකි. මෙම අධ්‍යයනය
ඇසුරින් 1944දී මොහු විසින් ලියා පල කරන ලද "The People’s choice”ඔහු විසින් රචනා කරන ලද ප්‍රථම කෘතියයි.
ඇමරිකානු ජනාධිපතිවරනය පදනම් කර ගනිමින් සිදු කරන ලද එම අධ්‍යයනයෙන් පසුව ජනමත
නායකත්වය ජනසන්නිවේදන පර්යේෂණ පිලිබද වැදගත් අංගයක් බවට පත් විය. එරී කවුන්ට්
පර්යේෂණ සැලසුම කරන විට ලැසාස්ෆෙල්ඩ් සිතුවේ ජනමාධ්‍යය මගින් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති
හා ප්‍රචාරන ව්‍යාපාර තුළින් විශාල ලෙස ජනමතය වෙනස් වීමට බලපෑම් සිදු වන බවටය.
නමුත් පර්යේෂණයෙන් පසුව අනාවරණය වූයේ එය ඉතා අවම මට්ටමක පවතින බවය. මෙහි දී වැදගත්
වන්නේ මොහු විසින් ජනමාධ්‍යය පර්යේෂණ සඳහා දැඩි කැපවීමෙන් ඔහු සොයා ගත් සිද්ධාන්ත
වර්තමනය හා 100% ගැළපීමක් කළ නොහැකි වුව ද සන්නිවේදන අධ්‍යයන මූලාරම්භක අවධියෙහි
සිදු කළ එවැනි පර්යේෂණ තුළින් සන්නිවේදන අධ්‍යනයන් විධිමත් දිශානතියක් වෙත යොමු
කරන ලදි.
ü ලැසාස්ෆෙල්ඩ් විසින් කොලොම්බියා
සරසවියෙහි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන කාලයෙහි එනම් 1944 දී පිහිටුවන ලද
"ව්‍යවහාරික සමාජීය ශ්‍රාස්ත්‍ර බියුරෝව"මඟින්ද වැදගත් පර්යේෂණ රාශියක්
සිදු කරණ ලදි.
·
ඇමරිකානු මහාචාර්යයවරුන් කෙරෙහි මැකාත්වාදයෙහි බලපෑම පිළිබඳ ලැසාස්ෆෙල්ඩ් සහ
තිලන්ගේ අධ්‍යයනය.
·
මැදපෙරදිග නව්‍යකරනයෙහිලා ජනමාධ්‍යයේ කාර්යයභාරය පිළිබඳ ඩැනියල්
ලර්නර්ගේ අධ්‍යයනය.
·
ඖෂධයක ව්‍යාප්තිය හා ඊට අනුගතවීම පිළිබඳ කොල්මන් කාර්ථස් සහ
මෙන් සල්ගේ අධ්‍යයනය යන අධ්‍යයනයන් ඉන් කිහිපයකි.
ලැසාස්ෆෙල්ඩ් විසින්ම හදුන්වා දුන් තවත් සිද්ධාන්තයක් වූයේ " සන්නිවේදනයේ
දෙපියවර ගලනය පිළිබඳ සිද්ධාන්තයයි." තොරතුරු ගලනය දිශා දෙකකට සිදුවන බව
මෙයින් අදහස් කරයි. ඒ සිරස්ව සහ තිරස්වය. මෙසේ සිදුවේ යැයි මෙහිදී උපකල්පනය කරනු
ලබයි. ජනමාධ්‍ය ප්‍රධානීන්ට මුලින්ම තොරතුරු ලැබේ. එනම් මොවුන් මුලින්ම ජනමාධ්‍යයට
නිරාවරනය වන බැවිනි. ජනමාධ්‍ය සේවනය කරන ප්‍රමාණය වැඩි නිසා මොවුන් තුළ පවතින
දැනුම ද වැඩි යැයි සැලකේ. ජනමාධ්‍ය මඟින් ජනමත ප්‍රධානීන්ට සන්නිවේදනය සිදු වන්නේ
තිරස්ව බව උපකල්පනය කරයි. ජනමාධ්‍ය මඟින් ජනමත ප්‍රධානීන්ට ලබාදෙන තොරතුරු අනෙක්
බහුතර ජනතාවට ද ලබා දෙන්නේ තිරස්ව බවට ද උපකල්පනය කරයි. ජනමාධ්‍යයට සෘජුවම තම ග්‍රාහකයාට
බලපෑම් කළ නොහැකිය. මුහුණට මුහුණලා කරන බලපෑම ඊට වඩා ප්‍රබලය. එනම් ජනමත ප්‍රධානීන්ට
පණිවිඩය විස්තර කොට ප්‍රකාශ කළ හැකි බැවිනි. අනෙක් අතට මෙම ජනමත ප්‍රධානියා සමාජයේ
විශ්වාසය දිනාගෙන සිටින අයෙක් වීම නිසා එම විශ්වසනීයත්වය ද සන්නිවේදනයට බලපායි.
තොරතුරු බෙදා හැරීමේදී, අර්ථකතනය කිරීමේදී , ව්‍යාප්ත කිරීමේ දී ජනමත ප්‍රධානීන් විශාල
කාර්ය භාරයක් ඉටු කරයි. මෙම දෙපියවර ගලන සිද්ධාන්තයේ දී ඊට ආවේණික ඌනතාව වන්නේ එමඟින්
ජනමාධ්‍යවල බලපෑම හීන වී තිබීමයි. නමුත් ජනමාධ්‍ය ව්‍යාප්තිය හා එහි තාක්ෂණික
සංවර්ධනය මූලික අදියරක පැවති එම කාල වකවානුවට මෙම සිද්ධාන්තය ගැළපුන ද ජනමාධ්‍ය ව්‍යාප්තිය
හා එහි තාක්ෂණික සංවර්ධනය වර්ධනීය තලයක පවත්නා වර්තමානය තුළ මෙම සිද්ධාන්තය ප්‍රායෝගික
වූවක් නොවුවත් මෙම සිද්ධාන්තය ද සන්නිවේදනය තදුරටත් සංවර්ධනය කීරීමට රුකුලක් වූ බව
සැබෑ ය.
මේ ආකාරයට පැහැදිලි වන්නේ ලැසාස්ෆෙල්ඩ්
සන්නිවේදන අධ්‍යනයන්හි අභිවර්ධනය උදෙසා විශාල කාර්යයභාරයක් ඉටු කර ඇති බවය.
සන්නිවේදනය සමස්ථ සමාජ, ආර්ථික හා දේශපාලන ස්ථරයන් වසා පැතිර
පවත්නා බව ද සන්නිවේදනයෙන් තොර මිනිස් දිවියක් හෝ මානව කටයුත්තක් නොමැති තරම් යැයි
පෙන්වා දුන් මොහු සන්නිවේදනය ආශ්‍රිත විවිධ කරුණු මෙන්ම ශ්‍රාවක, ප්‍රේක්ෂක, පාඨක
සිතුම්, පැතුම්, අදහස්, ආකල්ප මෙන්ම නිවරදිවත් අධ්‍යයනය කිරීමට
අවශ්‍යය පදනම සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඇති කරන ලද පුරෝගාමී චරිතයක් ලෙස
ලැසාස්ෆෙල්ඩ් හදුන්වා දිය හැකිය.
No comments:
Post a Comment